on
Live Match
- Get link
- X
- Other Apps
LINK >>>> 01
or
LINK >>>> 02Crime/Thriller/Action කියන කැටගරියට අයත් වෙන මේ ෆිලුම නිකුත් වෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි 20 වෙනිදා.. මේක ආදායම් අතිනුත් සාර්තක චිත්‍රපටයක්.. ඒවගේම රංගනයෙන් දායක වෙන්නෙ Kunchacko Boban කියන ජනප්‍රිය මලයාලම් නළුවා.. ගිය අවුරුද්දෙ ආපු, මෙයා විලන් රෝල් කරපු, Bougainvillea ෆිල්ම් එකත් කට්ටිය බලන්න ඇතිනෙ.. පට්ට ඇක්ටින් තිබ්බා පොරගෙ.. ඒවගේම තෙලිගු, හින්දි, දෙමළ, කන්නඩ ඕනම ෆිලුමකට බය නැතුව අත ගහන Priyamani තමයි මේකෙ අනික් ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ.. Dr. 56, Jawan, Neru, Custody වගේ ෆිල්ම් බලපු අය නම් මෙයාව හොදට අදුරනව ඇති.. ඒවගේම අනික් අයගෙත් රංගනයන් අති සාර්තක මට්ටමින් තිබුනා..
අධ්‍යක්ෂණය – Jithu Ashraf
භාෂාව – මලයාලම්
ධාවන කාලය – මිනිත්තු 137යි
රංගනය
Kunchacko Boban
Vishak Nair
Jagadish
Priyamani
කතාව පැත්තට ගියොත්,
හරිශංකර් කියන්නෙ වැඩ තහනම් වෙලා ඉදල රාජකාරියට බැදෙන පොලිස් නිළදාරියෙක්, මෙයාට රාජකාරියට බැදෙන දවසෙම පොඩි මාල කේස් එකක නඩුවක් සෙට් වෙනව.. පොර වැඩේ විමර්ෂණය කරගෙන යනකොට යනකොට තමයි නඩුව සෑහෙන්න ලොකු එකක් කියල තේරෙන්නෙ.. මාල නඩුව අන්තිමට අපයෝජන හා මිනීමැරුම් නඩුවක් වෙලා තමයි නවතින්නෙ.. මෙයා එක්තරා ගෑණු ලමයෙක්ගෙන් ගන්නවා මේ සම්බන්ධව කට උත්තරයක්.. හැබැයි ඊට පහුවදා ඇය සියදිවි නසාගෙන මැරෙනව.. ඒ ගෑණු ලමයෙගෙ දෙමව්පියො චෝදනා කරන්නෙ, ඒ මරණයට වගකියන්න ඕනෙ හරිශංකර් කියල.. ඒවගේම මොහු මානසික ආබාධයකිනුත් පෙලෙනව.. ඒ විතරක් නෙවෙයි ඊට කාලෙකට කලින් ඔහුගෙ දුවත් සියදිවි නසාගෙනයි මැරිල තියෙන්නෙ..
ඒකට වගකියන්නත් ඕන හරිශංකර්ද.?
මොකක්ද මේ පැටලිලි සහගත නඩුව.?
ඔයාලත් පැටලුනා නේද.. එහෙනම් බලන්න.. අනිවාරෙන් බලන්න..