Good Bad Ugly (2025) Sinhala Subtitles | “ රෙඩ් ඩ්‍රැගන් ආගමනය ” | සිංහල උපසිරැසි සමඟ


 

Open Two Links කතාව බලමු. ඇත්තටම මේ ෆිල්ම් එකට කතාවට ලොකු තැනක් දීල නෑ. තියෙන්නේ සාමාන්‍ය කතවක්. මැර තාත්තා AK හැම දෙයක්ම පුතා වෙනුවෙන් අතෑරලා හිරේ යනවා. නමුත් පුතාට ලොකු කරදරයක් වෙනවා ස්පාඤ්ඤයේදී. හිරේ ඉන්න AK යනවා ස්පාඤ්ඤයට තම පුතා වෙනුවෙන්. ඒ වෙන සිද්ධින් තමයි චිත්‍රපටයක් විදියට දිග හැරෙන්නේ. විඩාමුයච්චි කියන්නේ අජිත්ගේ හොද රංගනක් දකින්න පුලුවන් චිත්‍රපටයක්. නමුත් ඒකේ දැඩි පීඩනයට ලක්වුණ මැදිවියේ චරිතයක්. ඉතින් අජිත් ෆෑන්ස්ල ඒකට වැඩි කැමැත්තක් තිබුනේ නෑ. ෆ්ල්ම් එක ආදායම අතින් අසාර්ථක වුනා කියලයි කියන්නේ. ඒ කාලේම GBU එක ගැන ආදික් කිව්වා මේක තනිකරම අජිත් ෆෑන්ස්ලට සමරණන්න පුලුවන් චිත්‍රපටයක් වෙනවා කියල. ආදික් කිව්ව විදියටම අජිත්ගේ ෆෑන්ස්ලව සතුටුකරපු චිත්‍රපටයක් වුණා. අජිත් රසිකයන් මේක උත්සවයක් වගේ සමරන්න වුණා.