Open Two Links
අනන්‍යතාව කියන්නෙ ඕනෙම කෙනෙකුට වැදගත් දෙයක්. කෙනෙක් හඳුන ගන්න මිනිහෙක්ගෙ තියෙන ප්‍රධානම අවයවය තමයි මුහුණ. මිනිහෙක්ගෙ මුහුණක තියෙන ඒ පුද්ගලයාට ආවේණික ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයකින් තමයි ඔහු වෙනත් කෙනෙක් ගෙන් වෙන් කර හඳුන ගන්නෙ. ඒ නිසා අපරාධ ක්ෂේත්‍රයන්හිදි මුහුණ ඉතා වැදගත් වෙනවා. කෙනෙක්ගෙ හඳුනා ගැනීම උඩ තමයි ඕනෙම සිද්ධියක් රඳා පවතින්නෙ. ඉස්සර ඉඳල මේ හඳුනා ගැනීම සඳහා මතකය ඇසුරින් දළ සටහන් ඇඳල අවශ්‍ය පුද්ගලයා මතු කර ගන්න ක්‍රම භාවිතා කරනවා. අද නම් ඒ සඳහා නවීන තාක්ෂනය යොදා ගන්න පුළුවන්. ඒත් යම් සිද්ධියක් නිසා කෙනෙකුට මුහුණු මතකයේ රඳවා ගැනීමට අපහසු මානසික තත්වයක් ආවොත්?. මේ කතාවත් ඊට සම්බන්ධයි. ඒ වගේම කෙනෙකුගෙ නම කියන දේ මත අනන්‍යතාව රැඳෙන්නේ කොහොමද?
මේ ටිකත් එක්ක ලස්සන කතාවක් ගලා ගෙන යනවා. සොහොයුරෙක් සහ සොහොයුරියන් දෙදෙනෙකු මුහුණ දෙන අත් දැකීමක් සම්බන්ධයෙන්.
ටොවිනො තෝමස්, ට්‍රිශා ක්‍රිශ්ණන් යුගලය සමග, විනේ රායි,අජු වාර්ගීස්,සයිජු කුරුප්, මන්දිරා බේඩි, අර්ජුන් රාධක්‍රිශ්නන් සහ ශම්මි තිලකන් වැනි තරු රැසක් මේකෙ රඟපානවා. අකිල් පෝල් සහ අනාස් ඛාන්ගෙ අධ්‍යක්ශණයක්