Open Two Links
මේ කතාව දිව යන්නේ මායකාරියෙක් වුණු ග්‍රේ ඇලිස් සහ දඩයක්කාරයෙක් වුණු බෝයිස් වටා.. ඉතින් මේ ග්‍රේ ඇලිස් කියන මායාකාරිය මුදලට ඕනම කෙනෙක්ට තම තමන්ගේ අශාවන් ඉෂ්ට කරලා දෙන කෙනෙක්.. දවසක් නගරයේ රැජිණ ග්‍රේ ඇලිස්ව මුණ ගැහෙන්න ඇවිත් තමන්ට මෘගයෙක්ගේ බලය ඕන කියලා කියනවා..ඒ කියන්නේ මනුස්ස වේශයෙන් ඉඳලා අවශ්‍ය වුණාම මෘගයෙක්ගේ වෙස් ගන්න පුලුවන් බලය තමයි මෙයා ඉල්ලන්නේ..ඉතින් ග්‍රේ ඇලිස් කියන්නේ තමන් ළඟට එන කිසිම කෙනෙක්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙවෙයි..ඉතින් මෙයා පුර පසළොස්වක දවස වෙද්දි රැජිනගේ ආශාව ඉෂ්ට කරන්න පොරොන්දු වෙනවා..ඉතින් මේ වැඩේ හැඩය මාරුකරන්නෙක්ගේ එහෙමත් නැත්තන් ෂේප්ෂිෆ්ටර් කෙනෙක්ව තමන්ගේ ගුහාවෙදිම මරලා එයාගේ බලය ගන්න ඕන කරනවා. ඉතින් දැන් ග්‍රේ ඇලිස් මේ වගේ හැඩය මාරුකරන්නෙක්ව හොයන්න ලොස්ට් ලෑන්ඩ්ස් වලට පිටත් වෙනවා..ඒ අතරෙදි තමයි එයා මේ වැඩේට බොයිස් කියන දඩයක්කාරයගේ උදව් අරගන්නේ..